Move and Selection tools
Move Tool * ( V )

මෙය photoshop තුල layers සහ ඔබ නිර්මාණය සඳහා යොදා ගන්නා සියල්ල එහා මෙහා ගෙන යාමට භාවිතා කරයි. කීබෝඩ් එකේ (V) press කර ඔබට මෙම ටූල් එක ලබාගත හැක. ඔබ ක්ලික් කරන ප්ලේයර් එක හෝ ගෲප් එක එකපාර සිලෙක්ට් කර ගැනීම සඳහා "Auto-Select" සක්‍රීය කරන්න.
Artboard Tool ( V )

විවිධ උපාංග හෝ තිර ප්‍රමාණයන් සඳහා බහු වෙබ් හෝ යූඑක්ස් (UX (user experience))
(පරිශීලක අත්දැකීම්) පිරිසැලසුම් පහසුවෙන් සැලසුම් කිරීමට ආර්ට්බෝඩ් මෙවලම ඔබට ඉඩ දෙයි.
Rectangular Marquee Tool * ( M )

සෘජුකෝණාස්‍රාකාර selection එකක් දාගන්න මෙය උපයෝගී කරගන්නවා. ඒකාකාරී ලෙස සෘජු කෝණයක් ඇද ගන්න shift එක press කරන්න.
Elliptical Marquee Tool ( M )

මෙය ඉලිප්සාකාර selection එකක් දාගන්න යොදාගන්නවා. පරිපූර්ණ වෘත්තයක් ඇඳ ගැනීම සඳහා shift එක ඔබාගෙන අඳින්න.
Single Row Marquee Tool

photoshop හි වමේ සිට දකුණට පින්සල් පේලියක් select කර ගැනීමට.
Single Column Marquee Tool

ඉහළ සිට පහළට පික්සල් පේළියක් select කරගැනීමට
Lasso Tool * ( L )

මෙමගින් ඔබට යම්කිසි වස්තුවක් වටා selection එකක් දාගන්න පුළුවන්. mouse point එක එක් තැනක click කර අත් නොහැරම ඇදගෙන යා යුතුය.
Polygonal Lasso Tool ( L )

මෙම ගිහින් කෙලින් දාර සහිත වස්තුවක් වටා selection එකක් දාගන්න පුළුවන්. යම් ස්ථානයකට mouse point එක click කර තවත් ස්ථානයකට ගොස් click කර සිලෙක්ෂන් එක නිර්මාණය කරගත හැක.
Magnetic Lasso Tool ( L )

මෙය ඔබගේ mouse point එක වටා ගෙන යන විට මේ දළ සටහනකට අනුව වස්තුවේ දාර වලට ගෙන යයි.
Object Selection Tool * ( W )

මෙම මෙවලම ඔබට වස්තුවක් තෝරා ගැනීමට ඉඩ දෙන්නේ එය වටා දළ තේරීමේ දළ සටහනක් ඇදගෙන යාමෙනි.
Quick Selection Tool ( W )

මෙමගින් ඔබට බුරුසුවකින් පින්තාරු කරන අයුරින් වස්තුවකට selection එකක් දාගන්න පුළුවන්. වඩා හොඳ තේරීම් සඳහා option බාර් එකේ "Auto-Enhance" සක්‍රීය කරන්න.
Magic Wand Tool ( W )

එක click කිරීමකින් සමාන වර්ණ ප්‍රභේද ඇති ප්‍රදේශ තෝරා ගනියි. ඔප්ෂන් බාර් එකේ "Tolerance" වර්ණ පරාසය සකසයි.
