ග්‍රැෆික් යනුවෙන් හඳුන්වන්නේ චිත්‍ර නිර්මාණයයි. නමුත් චිත්‍රයක් අප විසින් නිර්මාණය කරන්නේ එක් වරකි. එකම නිර්මාණයක් කිසිදු වෙනස් වීමකින් තොරව පිටපත් ගණනාවක් ගත හැකිනම් හැකි නම් එය graphic එකක් යනුවෙන් හඳුන්වයි. මේ අනුව පරිගණකය ඇසුරෙන් අප කරන නිර්මාණ පරිගණක චිත්‍ර නිර්මාණය කරන ලෙස හැඳින්විය හැකිය. computer graphic design මෙම නිර්මාණයෙන් අපට අවශ්‍ය පිටපත් ඕනෑම සංඛ්‍යාවක් ලබාගත හැක.
පරිගණකයේ දී මෙම ග්‍රැෆික් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.
1. vector graphic (වෙක්ටර් ග්‍රැෆික් )
2. raster graphic (රාස්ටර් ග්‍රැෆික් )
වෙක්ටර් ග්‍රැෆික්
පරිගණකය ඇසුරෙන් නිර්මාණය කරන බොහෝ නිර්මාණ වෙක්ටර් graphic ග්‍රැෆික් නිර්මාණය ගණයට ඇතුළත් වේ. විශේෂයෙන්ම corel draw, quack express, free hand, illustrator යන මෘදුකාංග තුළ කරන නිර්මාණ vector graphic වේ. මෙම vector නිර්මාණය වන්නේ ගණිතමය සිද්ධාන්ත පාදක කරගෙනය. පරිගණකය තුල ගබඩා වන්නේ ද ගණිතමය නිර්මාණයක් ලෙසිනි. මේ නිසා මෙම නිර්මාණ කිසිම හානියකින් තොරව අධික විශාල කරගත හැකිය එසේ විශාල කළ ද එය නිර්මාණය කර වූ ගණිත චක්‍රය විශාල නොවන නිසා නිසාත් එය ගන්නා ඉඩ ප්‍රමාණය හෙවත් මෙමරිය ද අඩු වෙයි. පරිගණකය ආශ්‍රයෙන් ඇති ක්ලික් අර්ට් මෙම වෙක්ටර් ග්‍රැෆික් නිර්මාණ ගණයට හොඳම උදාහරණය වේ. ඕනෑම මෘදුකාංගයක දී ටයිප් කරන අකුරු හැසිරෙන්නේද මෙම vector ආකාරයෙනි. අකුරක්වත් එක් ප්‍රමාණයක් විශාලකර ද එහි දාරය ඉතාමත් සුවයම තියුණුව තියන දැකිය හැක. මෙය වෙක්ටර් ග්‍රැෆික් නිර්මාණය කිරීම සඳහා බොහෝ පරිගණක මුද්‍රණ යන්ත්‍ර වල ද විශේෂ පහසුකම් තිබේ ඒ විශේෂ මුද්‍රණ යන්ත්‍ර පොස්ට් ක්‍රිප්ට් ප්‍රින්ටර්ස් (postscript printers ) යනුවෙන් හඳුන්වයි. ඒවායේ විශේෂත්වය වන්නේ vector graphic ඒ ආකාරයෙන්ම හඳුනාගෙන ඒවා ඒ ආකාරයෙන් ම මුද්‍රණය කිරීමයි.
raster graphic
raster graphic යනුවෙන් හඳුන්වන්නේ pixel මගින් කරන නිර්මාණ වලට ය. pixel වලට සම්මත ප්‍රමාණයක් නොමැති අතර නිශ්චිත හැඩයක් ද නොමැත. බොහෝවිට හතරැස් හැඩයක් ගන්නා අතර වෘත්තාකාර, ෂඩාස්‍රාකාර ත්‍රිකෝණාකාර, පංචාස්‍රාකාර ආදී විවිධ හැඩයන් ගත හැකිය. නමුත් එක් රූපයකට ඇත්තේ එක් හැඩයක් පමණි. මෙම pixel හා සම්බන්ධව නිර්මාණය කරන සියලුම නිර්මාණ raster graphic ගණයට අයත් වේ. ඒ අනුව raster graphic ගණයට අයත් වන මෘදුකාංග අතරින් ප්‍රධානතම මෘදුකාංග ලෙස adobe photoshop මෘදුකාංගය හඳුන්වා දිය හැක.
