Lens blur මගින් නව පෙනුමක් ඡායාරූපයට
අපි මේ කතා කරන්න යන්නේ කිසියම් ඡායාරූපයක අවශ්‍ය වස්තුව focus කර background එක බොද කිරීම සම්බන්ධවයි. මේ වන විට smart phone මගින් ද මෙම blur effect එක යොදාගෙන ඡායාරූප ලබා ගනී.
මෙය බොහෝ විට photo edit කිරීම සදහා උපයෝගී කර ගනී...
අපි බලමු photoshop තුළින් ඡායාරූපයක් අවට blur කරගන්නා ආකාරය පිළිබඳව..
මුලින්ම මම මේ ආකාරයට ඡායාරූපයක් විවෘත කර ගන්නවා.
ඉන්පසු ඔබට පහසු selection tool එකක් යොදාගෙන girl ගේ වටා selection එකක් දමා ගන්න. ඔබට කැමති tool එකක් භාවිතා කර ගත හැක. quick selection tool එක මගින් සිලෙක්ෂන් එක දමාගත්තා.
ඉන්පසු layer pannel එක පහල ඇති adjesment layer එක click කරන්න.
එහි ඇති solid color තෝරා black color එක ලබා දෙන්න.
ඉන්පසු නැවත ajesment layer වලින් gradint තෝරන්න.
ඉන්පසු basic වල ඇති black and white තෝරන්න.
ඉන්පසු gradint layer එක පහළට ගෙන girl හට Selection එක යොදා black color එක මගින් fill කර ගත් layer එක උඩට ගන්න.
මේ ආකාරයට 👉
ඉන්පසු shift key එක press කරගෙන layar දෙකම select කර ගන්න.
ඉන්පසු පහල ඇති මෙම icon එක click කර group එකක් කරගන්න. (ඊතලය මගින් පෙන්වා ඇති) නැතිනම් ctrl + G press කරන්න.
ඉන්පසු channel pannel එක click කරන්න.
ඉන්පසු blue channel එක click කර එම channel එකේ copy එකක් ගන්න.
ඒ සඳහා blue channel එක click කරගෙනම පහල ඇති අයිකන් එක මතට ගෙනැවිත් අතාරින්න.
එයට ඔබට අවශ්‍ය නමක් ලබාදෙන්න.
ඉන්පසු නැවත layer panel එකට ගොස් කලින් ගෲප් කරගත් ගෲප් එක hide කරන්න.
(මෙම ක්‍රමයෙන් සිදුවන්නේ white ඇති ප්‍රදේශ පමණක් blur වීමක් සිදු වන අතර black සහිත ප්‍රදේශ blur වීමක් සිදු නොවේ.)
ඉන්පසු open කරගත් image එකේ lock එක අයින් කරන්න. ඒ සඳහා එම layer එක මත double click කරන්න.
ඉන්පසු එහි duplicate layer එකක් ලබාගන්න. (ctrl + J ) නැතිනම් ලේයර් එක මත right click කර duplicate layer ලබාදෙන්න.
ඉන්පසු filter > blur > lens blur ලබා දෙන්න..
ඉන්පසු alt key එක press කරන් සිටින විට ඔබට cancel කියන එක reset ලෙස වෙනස් වන අයුරු පෙනේ. Reset කරන්න.
මෙමගින් ඔබට කලින් සැකසී ඇති අගයන් reset වී අලුතින්ම ඔබට නිර්මාණය කර ගැනීමට හැක.
ඉන්පසුව ඔබට අවශ්‍ය ආකාරයට මෙම settings වෙනස් කර ගන්න. මේ තත්ත්වය තබා ok කරගන්නවා.
දැන් ඔබට ඉහළ මේකෙ eyeball mark එක on off කර අපගේ blur effect එක add වී ඇති ආකාරය දැකගත හැකිය.
මෙමගින් ඔබට ඔබගේ රූපය අලංකාරවත් කරගත හැක… විවිධ ආකාරයට මෙය සිදු කරන්න…

