photo retouch කිරීම
ෆොටෝ එකක් retouch කිරිම යනු යම්කිසි ඡායාරූපක මුහුණේ හෝ ශරීරයෙහි ඇති කුරුලෑ හා පැල්ලම් මකා දැමීමයි. wedding photo album, ආදී ඇල්බම් නිර්මාණය කරන විට retouch කිරීම බහුලව උපයෝගී කර ගනී. මුහුණේ කුරුලෑ සහ පැල්ලම් ඇති විට එම නිර්මාණය අලංකාර නොවෙයි. අපද යම්කිසි නිර්මාණයක් සිදුකිරීමට ප්‍රථම නිර්මාණය පිලිබද යම්කිසි දළ අවබෝධයක් ලබාගත යුතුය.
එනම් ඔබ කාන්තාවකගේ රූපයක් යොදාගෙන යම්කිසි නිර්මාණයක් සිදු කරන සිතන්න. ඔබ යොදා ගන්නා කාන්තාවන්ගේ මුහුණේ කුරුලෑ හා ලප කැලැල් ආදිය ඇත්නම් ඔබ නිර්මාණය කිරීමට ප්‍රථම එම ලප කැලැල් retouch කිරීමක් මගින් මකා දමා ඔබගේ නිර්මාණය සඳහා යොදාගත යුතුය. තවද එම කාන්තාවගේ රූපය ගැලපෙන පසුබිම ගැනද ඔබට දළ අවබෝධයක් තිබිය යුතුය.
ෆොටෝ එකක් retouch කිරීමට කිරිමට ක්‍රම කිහිපයක් ඇත. අප tools පුරුදු වීම සඳහා ක්‍රමය භාවිතා කරමු. පසුව මම වෙන පාඩමකින් retouch කිරීම පිළිබඳව සරල ආකාරක් ඔබ වෙතට ගෙන එමි.
ඔබට මෙමගින් spot heling brush tool එක පිලිබදව ද quick selection tool එක මෙන්ම filter වල sufrface blur යොදාගන්න ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගත හැක.
මෙම ක්‍රියාකාරකම සිදු කිරීම සඳහා මම ෆොටෝ එකක් පොටෝෂොප් තුළින් open කරගන්නවා.( file > open )
මම ඔබට මම යොදා ගන්නා ඡායාරූපය මේ සමග අමුණා එවමි. එය හරහා ඔබට මා සිදු කරන අයුරින්ම සිදු කිරීමට හැකියාව ඇත. එසේ නොමැති නම් ඔබට ගූගල් එක හරහා බාගත කරගන්න.
Download
මෙහි retouch කිරිමට බොහෝ කුරුලෑ සහ ලප කැලැල් ඇත. මෙය සිදු කිරීමට ඔබට ඉවසීම තිබිය යුතුය. සෑම විටම creative නිර්මාණයක් සිදු කිරීම සඳහා ඔබට ඉවසීම සහ කැපවීම තිබීම අත්‍යවශ්‍යය.
ඉන්පසු මම මෙහෙ duplicate layer එකක් ලබා ගන්නවා. (Ctrl + J ) ඔබ දන්නවා අපි duplicate එකක් ලබා ගන්නේ කුමක් නිසාද යන්න. අපි කෙලින්ම background layer එකේ වැඩ කළහොත් අපට වැරදීමකින් යම්කිසි අඩුපාඩුවක් සිදුවී ඇතැයි සිතුණහොත් අපට background layer එක delete කිරීමට සිදුවේ. එම නිසා එකම ලේයර් එකක වැඩ නොකර සෑම නිර්මාණයක් සඳහා ම layers ලබාගන්න.
මම retouch කිරිම සඳහා duplicate layer එකත් යොදා ගත්තා. spot healing brush tool එක තෝරාගන්න.
ඉන්පසු ඔබට අවශ්‍ය නම් බ්‍රෂ් එකේ සයිස් එක අඩු වැඩි කරගත හැක. මේ සඳහා right click කරන්න. සෑම විටම hardness එක 0 තබාගෙන වැඩ කරන්න.
මේ අයුරින් ඔබට අවශ්‍ය settings සාදා ගෙන Retouch කිරීමට අවශ්‍ය ස්ථාන ක්ලික් කරන්න
මේ ආකාරයට ඔබ ඉගෙනුම ලප කැලැල් ඇති ස්ථානවල clik කරන්න.clik කර ඇදගෙන යාමෙන් ඔබේ රූපයට හානි විය හැක.
මම මෙලෙස සියලුම රූපය retouch කරගන්නවා.
ඔබට duplicate layer එක hide කර බැලුවහොත් ඔබට පෙනේ ඔබගේ කලින් රූපය සහ retouch කිරීමෙන් පසු ඡායාරූපය
මෙම ස්ථානවල retouch කිරීමේදී brush size එක කුඩා කරගන්න.
මෙවැනි නැවුම් පාරවල් සහිත ස්ථාන retouch කිරීමේදී එය පිහිටා තිබෙන ආකාරයටම retouch කරන්න.
ඔබට අවශ්‍ය නම් සමෙහි රැලි වැටුණු ස්ථාන මුහුණට වැටී ඇති හිසකෙස් ආදිය මෙමඟින් ඉවත් කිරීමට පුළුවන්.
ඔබට අවශ්‍ය ආකාරයට retouch කර ඉන්පසු නැවත duplicate layer එකක් ලබාගන්න.
ඉන්පසු quick selection tool එක රැගෙන අපි election එකක් දමා blur එකක් add කරගමු.
මේ සඳහා quick selection tool ඒක ගැන මේ ආකාරයට selection එකක් දාගන්න.
මගේ ඡායාරූපයට වඩා selection එක ලැබුණු විට කීබෝඩ් එකේ alt press කරන්න. එවිට ඔබගේ quick selection tool එකේ මධ්‍යයේ ඇති ධන ලකුණ රින ලකුණට හැරේ… එමඟින් ඔබට සිලෙක්ෂන් එක අඩු කරගත හැක. එසේ නොමැති නම් ඉහළ ඊතලයේ ඇති - ලකුණ click කර එමගින් the selection එක අඩු කර ගත හැක. මෙසේ selection එක දාගන්නවා.
ඉන්පසු selection එක right click කර feather click කර ගන්න.
ඉන්පසු ඔබට අවශ්‍ය ආකාරයට feather එකක් ලබාදී ok කරන්න.
මේ ආකාරයට feather එක ලබාදෙමි.
ඉන්පසු filter > blur > surface blur එක් කරන්න
ඉන්පසු ඔබට අවශ්‍ය අගයක් ලබා දී ok කරන්න.
ඔබට මේ preview එක හරහා ඔබගේ image එක blur වෙන ආකාරය දැක ගත හැකිය. ඉන්පසු අවශ්‍ය තරම ලබාදී ඕක කරන්න.
දැන් ඔබට බලා ගත හැක image එකේ ගෙන් තිබුණාට වඩා වැඩි වෙනසක්.
අප මෙම blur එක මුළු මුහුණටම එක් කරගත යුතුය. ඒ සඳහා මුහුණේ එක් එක් කොටස් වෙන් වෙන් වශයෙන් selection දමා blur එක එකතු කරන්න. මෙහි එක් එක් කොටස blur කිරීම සඳහා වෙන වෙනම layer භාවිත කිරීම යෝග්‍ය වේ.
මම නැවත ඩුප්ලිකේට් layer එකක් ගෙන filter ක්ලික් කර එහි උඩම ඇති surface blur filter එක එක් කරන්න.. අප එකතු කරන සෑම filtar එකක්ම නැවත වතාවක් එක් කරන විට කලින් එකතු කරනු ලැබූ filter එක මෙම ස්ථානයේ දී ඔබට පහසුවෙන්ම ලබාගත හැක.
එසේත් නොමැති නම් alt + ctrl + F යන short එකෙන්ද ලබාගත හැක.
තවද මෙම ඡායාරූපය ඇසේ ඉහළ blur කරන විට blur අගය අඩු කර එකතු කරන්න.
තවද ඔබට මෙම රූපයේ තොල් blur කිරීමට අවශ්‍ය නම් duplicate layer එකක් ගෙන selection එක දමා feather එක ඔබට අවශ්‍ය අගයන් වලට ලබා දී surface blur එකතු කරන්න.
දැන් ඔබට දැක ගත හැක අප විසින් retouch කරගත් image එක. කලින් තිබූ image එකට වඩා මනා දීප්තියක් අපේ image එකට ලැබී ඇත.
මේ ආකාරයට photo retouch කරගනු ලැබේ. මෙම ක්‍රමය නිතර අත්හදා බලන්න. ෆොටෝ එකක් එඩිට් කිරීමට ප්‍රථම ඔබ ලබා ඇති image එක retath කිරිමට ඇතිනම් retouch කිරීම මගින් ඡායාරූපයෙ නිර්මාණය කිරීම ආරම්භ කරන්න.
✒️ Tharuka Lakruwan Danthanarayana
