Photo එකක color එක වෙනස් කරමු..

0

 

Photo එකක color එක වෙනස් කරමු..

අපි බලමු photo එකක අපට අවශ්‍ය විදියට එක් එක් selection යොදා colors add කර එම ඡායාරූපයට නව පෙනුමක් එක්කර ගන්නා අයුරු මම මේ සඳහා ඡායාරූපයක් විවෘත කර ගන්නවා. File > open 


මම යොදාගත් ඡායාරූපය download කරගන්න....



ඉන්පසුව ඔබට කැමති selection tool එකක් ගෙන selection එකක් දාගන්න. මම මේ සඳහා quick selection tool එක යොදා ගන්නවා. 




ඉන්පසු මම මේ රූපයේ ඇඳුමට selection එක මුලින්ම දාගන්නවා. selection එක භාවිතා කරන ආකාරය පිළිබඳ අප කලින් කතා කර තිබේ. 


select කර ගන්නා ප්‍රදේශයට වඩා වැඩියෙන් selection එක ගියහොත් එය අඩුකර ගැනීමට keyboard එකේ alt key එක press කරන්න. 


මම මේ ආකාරයෙන් selection එක දාගන්නවා. 


 ඉන්පසු ඉහළ බාර් එකේ ඇති select and mask එක ලබා දී කොන්ඩෙ වැනි සියුම් තැන් වල selection එක දාගත හැක. 



ඉන්පසු මෙහි ඊතලයෙන් දක්වා ඇති brush එක භාවිතා කර ඔබට selection කරගතයුතු තැන්වල ආලේප කරන්න. 


එමගින් ඔබට සියුම් තැන්හි තැන්හී selection එක දා ගත හැක. ඉන්පසු ඔබට අවශ්‍ය ආකාරයට සකසා ok ප්‍රෙස් කරන්න.



ඉන්පසු new layer එකක් create කරගන්න. මතක තබාගන්න new layer එකක් create කරගන්න. නැතිනම් ඔබ උඹගෙ braground එක මතම colors එකතු කරයි. ඔබට යම්කිසි අවස්ථාවක අවශ්‍ය නැතැයි සිතුණහොත් ඩිලීට් කිරීමට හැකියාවක් නොමැති වේ. එම නිසා new layer එකක් මත වැඩ කිරීමට පටන් ගන්න.



ඉන්පසු ඔබට අවශ්‍ය වර්ණය තෝරන්න. 


මේ සඳහා ඔබට tool panel එකේ පහළම කොටු දෙකක් දැකිය හැක. ඒ කොටුවල මුලින් ඇති කොටුව ක්ලික් කරන්න. එමගින් ඔබට color table එකක් පෙන්නුම් කරයි. ඔබට අවශ්‍ය වර්ණය තෝරා ඉන්පසු alt + delete click කරන්න. 


ඉන්පසු ඔබ selection එක දාගත් ප්‍රදේශයට එම color එක fill වේ…




එසේත් නොමැති නම් ඔබට brush එක යොදාගෙන brass කිරීමට ද හැක. එහෙත් ඔබට වඩා ඉක්මනින් කලින් ක්‍රමය යොදා ගෙන fill කරගන්න පුළුවන්. 



ඉන්පසුව ඔබගේ blend mode එක ඔබට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න. 



එක් එක් blend mode එක මගින් විවිධ වූ ආකාරයට වර්ණයන් එකතු කරයි ඔබට අවශ්‍ය blend mode එක තෝරා ගන්න. 


ඔබට අවශ්‍ය නම් layer එකේ opacity එක අඩු වැඩි කර ඔබට අවශ්‍ය ආකාරයට සකසා ගැනීමට පුළුවන්. 



මෙහි හිසකෙස් තිබෙන ස්ථානයෙහි අපගේ color එක ඇඩ් වී නොමැති අතර එහි වර්ණ ගැන්වීම සඳහා brush tool එක යොදාගෙන එම layer එකෙහිම brush කරගන්න. මෙහි brush එකේ opacity එක තරමක් අඩු කරගන්න. 



මේ අපගේ රූපය color එක add කර ගත් පසු පෙනෙන ආකාරයයි. මේ ආකාරයටම ඔබගේ රූපයේ අනිත් කොටස් වලට ලෙයර් add කර color එකතු කරන්න. 


ඔබ මේ ආකාරයට ඡායාරූපයේ සියලුම කොටස්වලට එකෙක් සිලෙක්ෂන් එක යොදා selection එකට new layer එකක් ඇඩ් කර color add කර ගත්තා. 


කාරයෙක් ඔබගේ ඡායාරූපයේ අදාල නොමැති ස්ථානයක පාට වලින් වර්ණ ගැන්වී තිබේ නම් එම color එකට අදාල layer එක select කර පහල ඇති layer mask icon එක clik කරන්න. 



ඉන්පසු brush tool එක මගින් black color එක යොදාගෙන brush කරන්න. 




ඉන්පසු ඔබට පේනවා එම color එක එම ස්ථානයේන් මැකී යන බව.



මේ ආකාරයට ඔබගේ රූපයේ සියලුම ස්ථානයන් වලට color එක එකතු කරන්න. 



අමතක නොකර ඔබ එම එක් එක් කොටස් සඳහා අලුත් layer එකක් එක් කර ගන්න. 



මම මගේ කැමැත්තට අනුව මෙසේ color එක add කර ගනු ලැබුවා…

 

ඔබටත් මට අවශ්‍ය ආකාරය colors යොදා නිර්මාණයන් සිදු කරන්න. මෙමගින් ඔබට mask එක යොදාගන්න අවස්ථාවන් මෙන්ම selection tool එක පිළිබඳව මෙන්ම යම්කිසි ඡායාරූපයක colors ඔබට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම පිළිබදවද ඉගෙන ගැනීමට හැකියාව ඇත. 


ඔබට මේ පිළිබඳව ගැටලු ඇති නම් අපගේ whatsapp, facebook, telegram ගෲප් වලට සම්බන්ධ වී හෝ ඔබගේ ගැටලුව කමෙන්ට් එකක් දැමීමට හෝ message එකක් හරහා විමසන්න.


✒️ Tharuka Lakruwan Danthanarayana 

Tags

Post a Comment

0Comments
Post a Comment (0)