එක click එකකින් color එක හදමු.
අපි බලමු මේ වගේ color එකක් සහිත ඡායාරූපයක ස්වභාවික පාට එක click එකකින් ලබාගන්නේ කෙසේද කියලා.
අප භාවිතා කරන රූපය ද මේ සමඟ අමුණා එවමි..
ඔබ පොටෝෂොප් තුළින් මෙම රූපය විවෘත කරගන්න.
ඉන්පසු adjustment layer එකක් create කරගන්න ඕනි.
ඒ සඳහා new adjustment icon එක click කරන්න.
ඉන්පසු curves තෝරන්න.
ඉන්පසු මේ ආකාරයට ඔබට දැකිය හැක.
ඉන්පසු මෙහි ඇති auto click කරන්න.
ඉන්පසු ඔබට දැකිය හැක වැඩි වෙනසක් එමගින් සිදු නොවූ බව.
ඉන් පසු පහල රූපයෙ ඇති ආකාරයේ මෙම icon එක මත click කරන්න. ⬇️
ඉන් පසු එන ලයිස්තුවේ auto option තෝරන්න.
පසු ඔබට මේ ආකාරයෙන් ලයිස්තුවක් දැකගත හැක. මෙහි ඇති option 4 ඔබට අවශ්‍ය වන ආකාරයට එනතුරු වෙනස් කරන්න.
මාගේ මෙම රූපයට ගැලපෙන option එක තුන්වෙනුවයි.
ඉන්පසු මෙහි ඇති snap natural midtones එකට සහ save as defaults click කර ok කරන්න.
මේ ආකාරයට අපගේ රූපය පෙන්වයි.
අපි දැන් මෙය close කර නැවත එම ඡායාරූපය ම විවෘත කර ගමු. අපේ මාතෘකාවේ හැටියට එක ක්ලික් එකකින් color එක වෙන ආකාරය බලමු.
මම නැවත මෙම පින්තූරය open කර ගත්තා.
ඉන්පසු නැවත adjustment layer icon එක click කර curves තෝරන්න.
ඉන්පසු නැවත auto option එක ලබාදෙන්න. (පහල රූපයෙ පරිදි…)
දැන් ඔබට පෙනෙනවා එම එක click එකක් මගින් color එක වෙනස් වන ආකාරය…..
Good luck ❤️
✒️Tharuka Lakruwan Danthanarayana
