Layer එකක් merge කරන ආකාරය දැනගමු...
අපි බලමු layer එකක් හෝ කිහිපයක් merge කරගන්නේ කෙසේද කියලා. එනම් layer කිහිපයක් තනි එක් layer එකක් ලෙස ලබා ගැනීමයි. එය නම් ඔබ layers දෙකක් හෝ කිහිපයක් සමග වැඩ කළ ඇතිනම් ඔබට මෙම layers කිහිපය තනි එක් layer එකක් ලෙස ලබා ගැනීමට අවශ්‍ය නම් පමණක් මෙය සිදු කළ හැක.
ඔබ මෙලෙස layers කිහිපයක් merge කලහොත් ඔබ select කර තිබූ layers තනි layer එකක් ලෙස දැකිය හැක. Merge කල පසු merge කල layers නැවත කිසිදු වෙනස් කිරීමක් සිදු කළ නොහැක.
ඔබට මෙම layers කිහිපය පෙනෙනවා ඇත. මම මෙය layers කිහිපයම merge කිරීම සදහා layers sselect කර ගැනීමට shift key එක click කර ගෙනම උඩ layer එකේ සිට පහල layer එක click කර ගත්තෙමි.
මේ ආකාරයට…
ඉන්පසු right click කර merge layers තෝරන්න.
ඔබට පෙනෙනවා ඇත අපගේ කලින් layers තුනම එක් ලේයර් එකක් බවට පරිවර්තනය වී ඇති බව.
මම නැවත undo කර ගත්තා…..
අපි බලමු කලින් තිබූ layers වල ට කිසිදු හානියක් නොවී එම layers තිබියදීම layers merge කර තනි ලේයර් එකක් ලබාගන්නේ කෙසේද කියා.
මේ සඳහා නැවත එම layers 3 select කර ගන්න
ඉන්පසු Keyboard එකේ shift + ctrl +alt + E press කරන්න.
දැන් ඔබට බලා ගත හැක අපගේ කලින් layers තිබියදී ම merge කරගත් layer එක add වී ඇති ආකාරය.
තවද යට ඇති layers මගින් merge කර ගත් layer එකට බලපෑමක් සිදු නොකරයි...
ඔබගේ අදහස් comments 💬 එකක් දාන්න….
✒️ Tharuka Lakruwan Danthanarayana
