Page එකක හරි මැද හරියටම

0

 

Page එකක හරි මැද හරියටම

අපි බලමු ඔබ පොතක කවර් එකක් හෝ ඩිසයින් එකක් සිදුකරනවා නම් එම design එකේ හරි මැදින් ඔබට කරගැනීමට අවශ්‍ය නම් photoshop මගින්  පහසුවෙන්ම page එකක හරි මැද තෝරාගන්නා ආකාරය. 


මා සමගම සිදු කරන්න.


මුලින්ම photoshop මගින් New document එකක් create කර ගන්න… 


ඒ සදහා File > New මගින් ද keyboard එකේ ctrl + N  මගින් ද ඔබට new document එකක් විවෘත කර ගත හැක. 


මම print වල A4 size එක තෝරා ගන්නවා.



ඉන්පසු මේ ආකාරයට settings සදා ගන්න. 


අපි පොතක කවරයක් නිර්මාණය කරගත්තේ මුද්‍රණය කිරීම සඳහාය. එම මුද්‍රණය සිදු වලට offset printer එකක් මගින් නම් ඒ සදහා වන color mode එක වන්නේ CMYK color mode එකයි. 


මෙම color mode පිළිබඳ  හා printer පිළිබඳ පාඩම් මාලාවක් අප කලින් කතා කර ඇත. 



මේ ආකාරයට settings සාදා ගෙන creat කර ගන්න. 




ඔබගේ photoshop ඉන්ටර්ෆේස් එක තුළ මේ ආකාරයට rullers නැතිනම් ctrl + R මගින් එය ලබා ගත හැක. 



ඉන්පසු ඔබ රූලක් මතට ගොස් right click කරන්න. ඉන්පසු Percent තෝරන්න. 



ඉන්පසු ඔබ View > New guide තෝරන්න…



ඉන්පසු Vertical තෝරා position අගය 50% ලබාදෙන්න. Ok කරන්න.



ඉන්පසු ඔබගේ පේජ් එක හරි මැදින් new guide line එකක් ඇඩ් වේ….



මෙහි color එක  වෙනස් කිරීම සඳහා එම line එක මත දෙවරක් click කරන්න. 



මෙහි ඇති කැමති වර්ණයක් ලබාදී Ok කරන්න.




ඔබට මේ ආකාරයෙන් ඔබගේ creation එකේ හරි මැද පහසුවෙන් සොයාගත හැක…


මේ පිළිබඳ අදහස් comments කරන්න. තවද ඔබ මෙය සිදුකිරීම සදහා වෙනත් ක්‍රමයක් දන්නේ නම් හැමෝටම බලන්න comments එකක් දාන්න. 


ස්තුතියි. Good luck 

Tags

Post a Comment

0Comments
Post a Comment (0)