Photoshop නව සංස්කරණය තුළින් පහසුවෙන්ම background remove කරමු
අපි කතා කරන්න යන්නේ photoshop නව සංස්කරණ මගින් පමණක් සිදුකර ගත හැකි background remove කරන ක්‍රමයක්..
මෙය photoshop නව සංස්කරණ මගින් පමණක් සිදු කිරීමට හැකියාව ඇත. අපි මෙමගින් සිදු කරන්නේ select and mask යොදාගෙනයි.
මුලින්ම මම photoshop වලින් ඡායාරූපයක් විවෘත කර ගන්නවා.
ඉන්පසු select > select and mask තෝරන්න.
ඉන්පසු ඔබට මේ ආකාරයට ඔබගේ වින්ඩෝ එක දැක ගත හැක.
ඉන්පසු ඉහළ option bar එකේ select subject clik කරන්න.
ඉන්පසුව ඔබට මේ ආකාරයට photoshop මගින් ඔබගේ ඡායාරූපය හඳුනාගනී.
මෙහි background color එක එනම් ඔබගේ අවශ්‍ය නැති ප්‍රදේශය රතු පැහැයෙන් පෙන්වයි. ඔබට කැමති අයුරින් මෙය වෙනස් වෙනස් කිරීමට පුළුවන්.
මෙම එක් එක් clik කිරීමෙන් ඔබට අවශ්‍ය ආකාරයට සකසා ගත හැකිය. black and white දුන්හොත් ඔබට මේ ආකාරයට දැක ගත හැකිය.
මට පහසු වන්නේ overlay නිසා මම overlay click කරනවා. ඔබට පහසු ආකාරයකට සකසා ගන්න.
මෙමගින් ඔබට රතු පැහැ ප්‍රදේශයේ opacity එක අඩු වැඩි කරගත හැක. ඔබට අවශ්‍ය ආකාරයට සකසා ගන්න.
ඔබට මෙවැනි තැන්හි selection එක වැටි නැති බව පෙනේ. අප මෙම කොටස් ද ඉවත් කරගත යුතුය.
අපට අවශ්‍ය වන්නේ කොණ්ඩෙ ඉතිරි කර background එක delete කිරීමටයි.
ඒ සඳහා refined edge brush tool එක ගන්න.
ඉන්පසු right click කර brush එකේ size එක ඔබට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න.
ඉන්පසු remove කරගත යුතු ස්ථාන මත brush කරන්න. ඔබට පෙනෙනවා ඇති මෙවැනි සියුම් ස්ථාන මෙමගින් ඉතා පහසුවෙන් වෙන් කර ගන්නා අයුරු.
මම මෙසේ කරගත යුතු සියලුම ස්ථාන ඉතා පහසුවෙන් මෙමගින් වෙන් කරගත්තා.
ඉන් පසු ඔබට මෙම setting මගින් අවශ්‍ය නම් feather එකක් ලබාදී smooth අගයන් ආදිය අවශ්‍ය නම් ලබා දෙන්න.
මම මේ ආකාරයටම මෙම setting තබාගන්නවා.
දකුණු පස පහල ඇති output to clik කර New layer with layer mask ලබා දීමෙන් අළුත් layer එකක mask එකක් සමග මෙය ලබා ගත හැක.
මම එය ලබා දී ok කරනු ලබනවා.
දැන් ඔබට පෙනෙනවා ඇත අළුත් layer එකක් සමග layer mask එකක් creat වී ඇති බවයි.
අපි මෙය වඩාත් පැහැදිලි කිරීම සඳහා background එකට color එකක් යොදා ගමු.
ඒ සඳහා layer pannel එක පහල ඇති adjustment layer icon එක click කරන්න.
ඉන්පසු solid color තෝරා ඔබට අවශ්‍ය color එකක් තෝරන්න.
ඉන්පසු ok කරන්න.
ඉන්පසු එම layer එක අපි ground eka remove කල layer එක පහලට අදින්න.
ඔබට පේනවා ඇති කොන්ඩයේ අසල යම් ප්‍රදේශයක ඉතුරු වී ඇති බව . එය මකා ගැනීම සඳහා ඔබ mask එක මත click කරන්න.
ඉන්පසු brush tool එක ගෙන foreground color එක black යොදා ගන්න.
ඉන්පසු අවශ්‍ය තැන්හි brush කරන්න.
මේ ආකාරයට ඔබට photoshop නව සංස්කරණය තුළින් පහසුවෙන්ම background remove කරගත හැක.
✒️ Tharuka Lakruwan Danthanarayana
