Image එකක් තවත් image එකක් මතට (part 3)
අපගේ ඊළඟ ක්‍රමය වන්නේ drag and drop කිරීමයි. එනම් ඔබට අවශ්‍ය image එක තෝරාගෙන move tool එක තෝරාගෙන එම ඡායාරූපය මත click කරගෙන ඇඳගෙන එන්න.


mouse එක අත්නොහරින ඔබට අවශ්‍ය ඡායාරූපය මධ්‍යගතව එක් කිරීමට නම් ශිෆ්ට් එක ඔබාගන්න. ඔබට එය එක් කිරීමට අවශ්‍ය ඡායාරූපය තෝරා ගැනීම සඳහා ඉහළ බාර් එකේ image එකට mouse point එක රැගෙන යන්න ඉන්පසු ඔබට image එක open වෙයි. එවිට image එක මතට ගොස් මවුස් එක මුදාහරින්න. ඔබ shift එක ඔබාගෙන සිටියේ නම් මුලින්ම mouse එක මුදා හැර පසුව ශිෆ්ට් එක අතහරින්න.



ඉන්පසුව ඔබට layer pallet එකේ background එකට අමතර layer 01 කියලා අපි drag කරගත් image එක බලාගන්න පුළුවන්. මේ ආකාරයට අපට ඡායාරූපයක් එකතු කරගත හැක.සරලම ආකාරය ද මෙය වේ...
ඔබට පුහුණු වීම සඳහා කීප වතාවක් මෙය අත්හදා බලන්න...
