හරි ඔබට දැන් ෆොටෝ ෂොප් පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබී ඇති බව අපි සිතමු. අද අපි කතා කරන්නේ ෆොටෝශොප් මගෙන් new document එකක් විවෘත කර ගන්නා ආකාරය. අප නිර්මාණයක් කිරීමට ප්‍රථමයෙන්ම එමෙන් නිර්මාණය සිදුකරගැනීමට අපි පේජ් එකක් ඕපන් කරගන්නවා. මෙය new document එක open කර ගැනීමට ආකාර රැසක් ඇති අතර ඒ සියල්ලම අපි විමසා බලමු.
ඔබ පොටෝෂොප් cc නවතම සංස්කරණය භාවිතා කරන්නේ නම් ඔබට මෙම ඉන්ටර්ෆේස් එක බලාගන්න පුළුවන්.

මේ තුළින් භාවිත කරන්නා හට ඉතා පහසුවෙන් නිර්මාණයට යොදා ගත හැකි preset පෙන්නුම් කරනු ලබනවා. තවද ඔබ පෙර කරනු ලැබූ නිර්මාණයන් ඒවාට යොදාගත් page size ඔබට save කර තබා ගත හැක.

new document එකක් විවෘත කර ගැනීම සඳහා එක් ක්‍රමයක් නම් පහත ඇති create new බට්න් එක ක්ලික් කරන්න.

නැතිනම් ෆයිල් වල new ගිහින් එමඟින්ද open කර ගැනීමට පුළුවන්. වින්ඩෝස් පරිගණක වල ctrl + N මගින්ද mac පරිගණක වල command + N මගින් ද new document එකක් විවෘත කර ගත හැක
මෙසේ කුමන හෝ ආකාරයකින් විවෘත කර ගත් පසු ඔබට මේ ආකාරයෙන් ඉන්ටර්ෆේස් එකක් බලා ගත හැක.
මෙහි ඔබට අවශ්‍ය width එකයි height එකයි ඔබට අවශ්‍ය පරිදි ලබා දී අවශ්‍ය ඈන්ගල් එක Portrait or Landscape වශයෙන් ලබාදී ඔබට අවශ්‍ය resalotion අගය අවශ්‍ය පමණට ලබා දී brackground contents එක white හෝ transparent අවශ්‍යයෙන් ද නැතිනම් ඔබට අවශ්‍ය කළ එකකින් නිර්මාණය කරගත හැක. මම සුදු පාට යොදා අලුත් document එකක් විවෘත කර ගන්නවා.

ඉන්පසු ඔබගේ නිර්මාණය ඔබට අවශ්‍ය පරිදි නිර්මාණය කරගත හැක.

