මුහුණක රැලි ඉවත් කරමු....

0

 

මුහුණක රැලි ඉවත් කරමු....


මෙම ෆොටෝ එක බැලූ බැල්මට මුහුනේ රැලි ස්වභාවය වැඩි බවක් පෙනේ.. අප මෙමගින් විමසමු මෙවැනි රූපයක මුහුණේ රැලි ස්වභාවය අඩු කර අපගේ නිර්මාණයන් සඳහා සාර්ථක ලෙස යොදා ගන්නේ කෙසේද කියා. 


මේ සදහා Healing brush tool එක යොදා ගන්නවා.. 



මේ සඳහා මම ඡායාරූපයක් විවෘත කර ගන්නවා. ඔබ දන්නවා දැන් ඡායාරූපයක් විවෘත කර ගන්නා ආකාරය. Ctrl + o


ඉන්පසු  New layer එකක් creat කර ගන්න. 



ඉන්පසු healing brush tool එක තෝරන්න.



පහල ඇති රූපයේ දැක්වෙන පරිදි sample වල all layer එක click කරන්න.



ඉන්පසු කීබෝඩ් එකේ Alt key එක ප්‍රෙස් කරගෙන ඔබට සුදුසු ප්‍රදේශයක් තෝරා ගන්න. මේ සඳහා රැලි සහිත ප්‍රදේශයක් නොවිය යුතුය. මම මේ ස්ථානය තෝරා ගන්නවා. 



මෙයින් සිදුවන්නේ  ඔබ brush  කරන තැන්හි තෝරාගත් ස්ථානයේ ඇති details මගින් fill වීමයි. 


දැන් ආලේප කරන්න. ඔබට බලාගන්න පුළුවන් + සලකුණක්. එම + ලකුණ ඇති ප්‍රදේශයේ details ඔබ ආලේප කරන තැන්හි ආලේප වේ. 



මේ ආකාරයට ඔබට අනවශ්‍ය රැලි පහසුවෙන්ම ඉවත්කර ගත හැක. සිදු කරන්න. 



මම මේ ආකාරයට මට අවශ්‍ය තැන්හි ආලේප කර ගන්නවා. 



ඔබට අවශ්‍ය නම් උඩ layer එක hide කර කලින් තිබූ තත්වය හා ආලේප කිරීමෙන් පසු තත්වය දැකගත හැක.




මම මේ ආකාරයට සියලුම තැන්හි ආලේප කර ගත්තා. 


ඉන්පසු ඔබගේ blend mode එක llighten ලෙස වෙනස් කර ගන්න..



ඉන්පසු ඔබට අවශ්‍ය නම් එහි opacity එක ඔබට ගැළපෙන අයුරින් වෙනස් කර ගත හැකිය. ඔබට අවශ්‍ය ආකාරයට මෙම settings සාදා ගන්න.



මම භාවිතා කරනු ලැබූ මෙම පින්තූරය මේ සමග අමුණා එවමි. සෑම විටම මෙය මාත් සමගම සිදු කරන්න. ගැටළුවක් වේ නම් අප වෙත දැනුම් දෙන්න. 


Download


මේ පිළිබඳව ඔබගේ අදහස් අපගේ comment section එකේ පලකරන්න. ඔබ මීට වඩා වෙනස් අයුරකින් සිදුකරන්නට  දන්නෙහි නම් අන් අය සඳහා එය ඉදිරිපත් කරන්න. 


Good luck ❤️ 


 



Post a Comment

0Comments
Post a Comment (0)